About Us

ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය ද්වී භාෂා / ත්‍රෛයිභාෂා සම්පත්දායක සංචිතයක් ස්ථාපිත කරයි

සියළු පුරවැසියන්ගේ භාෂා හිමිකම තහවුරුකරමින් රාජ්‍ය ආයතනයන්ට සුදුසුකම්ලත් භාෂා පරිවර්තකයන්ගේ සේවය ලබා ගත හැකි වනසේ ජාතික සමගිය සහ සංහිඳියාව පිලිබඳ කාර්යාංශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමග එක්ව ද්වී භාෂික සහ ත්‍රෛයිභාෂික සම්පත්දායක සංචිතයක් උදෙසාවන වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.

තමනට අභිමත භාෂාවකින් රාජ්‍ය ආයතනයන් සමග සන්නිවේදනය පවත්වා ගැනීමට පුරවැසියන්ට පැවති නොහැකියාව දශක හයකට වැඩි කාලයන් පුරා අභියෝගයක්ව පැවති අතර මේ වගකීම ඉටු කරනු පිණිස සහ සියළු පුරවැසියන්ගේ ගෞරවය සහ අයිතීන් රැකෙන අයුරින් සේවය කිරීම උදෙසා ශ්‍රී ලංකා රජයේ කැපවීම යළි තහවුරු කරනු පිණිස රාජ්‍ය ආයතනයන්ට මග සලසනුවස් මෙම වැඩපිළිවෙල අරඹා ඇත.

රාජ්‍ය ආයතනවලට රාජ්‍ය භාෂා දෙකින්ම කටයුුතු කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමෙහිලා ද්වී භාෂා /ත්‍රෛයිභාෂා සම්පත්දායක සංචිතයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව තරඟ විභාගයකින් පසුව ද්වීභාෂික/ත්‍රෛයිභාෂික සම්පත්දායකයන් 300 ක් දීප ව්‍යප්තව තෝරා ගනු ලැබීය.

ශ්‍රී ලංකාව තුල කල්පවත්නා සංහිඳියාවක් උදාකරගනු පිණිස නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම්, සාධාරණය, සමානාත්මතාව සහ විවිධ්‍ත්වයට ගරු කරන සමාජයක් සැකසීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ස්ථාපිත කරන ලද ජතික සමගිය සහ සංහිඳියාව පිලිබඳ කාර්යාංශය, මෙම වැඩපිළිවවල සඳහා ජතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග සමීපව කටයුුතු කරයි.

රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුව මෙම ද්වී භාෂා සහ ත්‍රෛයිභාෂා සම්පත්දායක සංචිතය හරහා සේවාවන් සැපයීමේදි ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ වරින් වර වටිනාකම් එකතු කරමින් භාෂා පහසුකම් ලබාදීමට ප්‍රවේශයන් සලසාගනු පිණිස රාජ්‍ය ආයතනයන්ට සහය වීමට අපේක්ෂා කරයි.

 

FaLang translation system by Faboba